Tuesday, May 7, 2013

වට්ටක පිරිත



වට්ටක පිරිත ගිනි භයින් මිදීම සඳහා භාවිත කරති. මෙහි සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවකුව විසූ කලෙක හටගත්තා වූ ලැව් ගින්නක් නිවනු පිණිස කළ සත්‍ය ක්‍රියාවකි. එයින් ලැව් ගින්න නිවිණ. ඒ ස්ථානයෙහි මේ කප මුළුල්ලෙහි ගින්නෙන් විනාශයක් නොවන බව චරියා පිටක අටුවාවෙහි කියා තිබේ. මෙය මේ කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතකැයි කියනු ලැබේ. අත්ථිලෝකෙ සීලගුණෝ යනාදී මේ ගාථා එන්නේ චරියා පිටක පාළියේ ය. පූරෙන්තං බෝධි සම්භාරෙ යනාදි ගාථා දෙක පසු කාලයේ පිළියෙල වූවකි. මේ පිරිත උණරෝගීනට උණ බැස්සවීම සඳහා ද කියති. ඔබත් මෙම අසිරිමත් සත්‍ය ක්‍රියාව භාවිතා කරන්න මෙය සැදැවත් බවින් යුතුව භාවිතා කරන ඔබට ගින්නෙන් හානි සිදුනොවේ..

~වට්ටක පිරිත~

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...

1. පූරෙන්තං බෝධිසම්භාරේ – නිබ්බත්තං වට්ටක ජාතියං
යස්ස තේජේන දාවග්ගි – මහාසත්තං විවජ්ජයි

2. ථේරස්ස සාරිපුත්තස්ස - ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායිං මහාතේජං - පරිත්තං තං භණාමහේ

3. අත්ථි ලෝකේ සීලගුණෝ - සච්චං සෝචෙය්‍යනුද්දයා.
තේන සච්චේන කාහාමි - සච්චකිරියමනුත්තරං

4.ආවජ්ජිවා ධම්මබලං - සරිත්වා පුබ්බකේ ජිනේ,
සච්චබල මවස්සායං - සච්චකිරිය මකාස හං

5.සන්තිපක්ඛා අපතනා - සන්තිපාදා අවඤ්චනා
මාතා පිතා ච නික්ඛන්තා - ජාතවේද පටික්කම

6. සහසච්චේ කතේ මය්හං - මහාපජ්ජලිතෝ සිඛී,
වජ්ජේසි සෝළස කරීසානී - උදකං පත්වා යථා සිඛී
සච්චේන මේ සමෝ නත්ථි – ඒසා මේ සච්චපාරමී... තී

පසුව සංස්කරණය කරන ලදී,,

මෙම පිරිතේ සිංහල තේරුම ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ලැබිණ
එය ඉතා ගෞරවයෙන් පිලිගෙන මෙය ඉදිරිපත් කරමි,,
මා ගේ පාලි පරිවර්තන දැනුම ඉතා අල්ප බව මුලින් සිහිපත් කරමි.
මෙහි එන මුල් ගාථා 2 පසු කාලයේ දී එක් කරන ලද්දකි ...ඉතිරි ගාථා පාඨයන් ඛුද්දක නිකාය චරියා පිටක පාලි නැමති ත්‍රිපිටක ග්‍රන්තයේ 312-315 තුල අන්තර් ගතවේ ,,පහත දැක්වෙන තේරුම් එයින් ලබා ගෙන ඉදිරිපත් කෙරේ,,තෙරුවන් සරණයි,,

මෙහි සරල සිංහල පරිවර්තනය

3.ලෝකයෙහි ශීල ගුණය ඇත සත්‍යය ඇත. ශුචි භාවය ඇත. දයාව ඇත .ඒ සත්‍යයෙන් උතුම්වූ සත්‍ය ක්‍රියාව කරන්නෙමි.

4.මම අතීතයෙහි වූ බුදුවරුන් සිහිකොට .(ශීලාදී)ධර්ම බලය ආවර්ජනා කොට සත්‍ය බලය අරභයා සත්‍ය ක්‍රියා කලෙමි.

5.මට පියාඹනු නොහැකි පියාපත් ඇත. පිය නඟනු නොහැකි පාද ඇත,මව්පිය දෙදෙනද පලාගියහ අග්නිය නවතුව.

6.මා සත්‍ය ක්‍රියා කළ කල්හි (සත්‍යක්‍රියාව සමඟ) මහත් වූ ඇවිලෙන ගින්න ජලයට පැමිණි සෙයින් සොළොස් කිරියක් පමණ ගින්නෙන් නොදැවීය .සත්‍යයෙන් මා (බුදුරජුන්)හා සමාන කිරිමට හැක්කෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි


~~~~තෙරුවන් සරණයි~~~~

No comments:

Post a Comment